පොත පිළිබඳව



ගින්දර සමග සෙල්ලම්

ළමා මනස සිහින ලොවක මංමුලා කරන කෘති අතරින් අභිරහස්,හාස්‍යජනක අත්දැකීම් රසවත්ලෙස පාඨකයා වෙත ලබාදෙන, කතා රසයට පමණක් සීමා නොවී යොවුන් පාඨකයන්ගේ ප්‍රඥාව, දුරදක්නා නුවණ, තර්කානුකූලභාවය,නිර්මාණාත්මක හැකියාව වඩවන මෙම ග්‍රන්ථය සර් ආතර් කොනන් ඩොයිලි විසින් රචිත අපූරු නවකතාවකි.මෙම කතාන්දරයේ ප්‍රධාන චරිතය වන්නේ ෂර්ලොක් හොම්ස් ය. මෙය චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තිත නවකතාවකි.මෙම ග්‍රන්ථයේ පළමු මුද්‍රණය 2008 දී සිදු කර ඇත.මෙහි ISBN අංකය 978-955-1262-06-8  වේ. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ අධ්‍යක්ෂක  ජනරාල්තුමන් විසින්  පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කරන ලදී.

ප්‍රදීපාගාරයේ වික්‍රමය

සර් ආතර් කොනන් ඩොයිලි විසින් රචිත අපූරු නවකතාවක් වන මෙහි පරිවර්තක වනුයේ චන්දන මෙන්ඩිස් මහතා ය.  ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ කතා අතරින් The Adventure At the Light House නම් ග්‍රන්ථය පරිවර්තනය වූයේ ප්‍රදීපාගාරයේ වික්‍රමය ලෙසයි.ISBN අංකය 955-1262-03-4 වන මෙම ග්‍රන්ථය ක්‍රි.ව 2003(සංශෝධිත)බුද්ධිමය දේපළ පිළිබඳ ශ්‍රී ලංකා නීතිය යටතේ සහ 2002 ජාත්‍යන්තර නීතිය යටතේ ආවරණය වේ. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ අධ්‍යක්ෂක  ජනරාල්තුමන් විසින්  පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කරන ලදී.

හිතුවක්කාරී


විසිවන සියවසයේ ළමා කතා රැජින ලෙස විරුදාවලියලත් එනිඩ් මේරි බ්ලයිට්න් විසින්  රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින්s St. Clare’s කතා මාලාවේ හිතුවක්කාරී ලෙස ගාමිණී සමරකෝන් මහතා විසින් පරිවර්තිත මෙම ග්‍රන්ථය ගැහැණු දැරියන්ගේ ‍නේවාසික පාසලක යොවුන් දැරියන්පාසලතුළ ලබා ගන්නා අත්දැකීම් විවරණය කරමින් රාත්‍රී උපන්දින සාදයක් ප්‍රධාන කොට ගෙන කතාන්දරය දිග හැරී ඇත.මනා රසයක් මෙන්ම යහපත් ආදර්ශයන් රැසක් ද ලබා දෙන මෙම ග්‍රන්ථය 2006 වසරේ දී ප්‍රථම වරට මුද්‍රණය කරන ලද වාසනා ප්‍රකාශනයකි.

 

1 comment: