මගේ අදහස


ගින්දර සමග සෙල්ලම්

 පාසල් පුස්තකාලයේ පරිවර්තිත ග්‍රන්ථමාලාවේ ඉහළින්ම ගින්දර සමග සෙල්ලම් ලෙස සටහන්ව තිබූ  ද්වන්ධ සටනක පිටකවර පින්තූරයක් සහිත අපූරු ග්‍රන්ථයක් මගේ දෑසට ලක්වූයේ අහම්බෙන් මෙනි. පිටකවරයේ සිතුවම නිසා ඇති වූ කුතුහලය නිසාවෙන් පොත අතට ගෙන බැලීමේදී මෙය සර් ආතර් කොනන් ඩොයිලි විසින් රචිත චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තිත කෘතියක් බව මට වැටහිණි.තීක්ෂණ බුද්ධිය,නිරීක්ෂණයන්ගෙන් නිගමනයන්ට එලඹීමේ හැකියාව,  තර්කානුකූලභාවයවඩවන කෘතියක් නිසා මෙය ඕනෑම වයසක පසුවන්නෙකුට කියවා රස බැලිය හැකි රසවත් කතාවකි.


ප්‍රදීපාගාරයේ වික්‍රමය 

උපන්දින ත්‍යාගයක් ලෙස මට ලැබුණු ප්‍රදීපාගාරයේ වික්‍රමය ග්‍රන්ථය දිවා රෑ නොබලා කියවා රස බැලීමට මා පෙළඹුනේ කෘතියේ ගැබ් වූ කුතුහලය නිසාවෙනි. මෙය විවිධාකාර චරිතඔස්සේ සමාජය ස්වභාවය මෙන්ම  එහි වෙසෙන  පුද්ගලයන්ගේ ස්වභාවය පිළිබඳ මනා විවරණයක් කරන කතාවක් බව මට හැඟේ.විවිධාකාර ගැටලු හමුවේ ඒවාට නිර්භයව මුහුණ දීමේ හැකියාව දියුණු කරන ප්‍රදීපාගාරයේ වික්‍රමය මා සිත අමන්දානන්දයට පත් කළ විශේෂ කෘතියකි.

No comments:

Post a Comment